ෆේස්බුක් පරිශීලකයින් පහළට

Share

ෆේස්බුක් හි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින්ගේ ගණන අඩුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 18කට පසු පළමු වරට ෆේස්බුක් හි දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් අඩුවී ඇත්තේ.

ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා නෙට්වර්ක්ස් පැවසුවේ 2021 වසරේ අවසන් කාර්තුවේදී දෛනික ක්‍රියාකාරී පරිශීලකයින් ගණන බිලියන 1.929ට අඩුවී ඇති බවයි. 2020 වසරේ අවසන් කාර්තුවේදී එම අගය බිලියන 1.930ක් විය.

එම ප්‍රවෘත්තිය පළවීමත් සමගම නිව් යෝර්ක් කොටස් වෙළෙඳපොළෙහි මෙටා සමාගමේ කොටස් මිල 20%කින් අඩුවී තිබුණා. ඒ හේතුවෙන් සමාගමේ කොටස් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 200කින් පමණ කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසන්නේ විශේෂයෙන්ම තරුණ පිරිස් අනෙකුත් සමාජ මාධ්‍ය ජාල වෙත යොමුවීම හේතුවෙන් මෙටා සමාගමේ වෙළෙඳ ආදායම අඩුවෙමින් ඇති බවයි.

Read more

Local News