යුක්රේනය ආක්‍රමණය කළහොත් එය දිගු කාලීන අර්බුදයක් දක්වා උඩුදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.
එවැනි ආක්‍රමණයක් රුසියාවට සේම සමස්ත ලෝකයට ම විශාල ලෙස හානි කරනු ඇතැයි රාජ්‍ය නායකයින් දෙපළ පෙන්වා දෙනවා.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද යුක්රේන ජනාධිපතිවරයා හා රුසියානු නායකයා අතර දුරකථන සාකච්ඡාවක් කිරීමට නියමිත බවයි.
තවත් මාධ්‍ය වාර්තා කරන්නේ හෙට දිනය තුළ රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවයි.



