චීනයේ බීජිං නුවර දින 16 ක කාලයක් පුරා පැවති ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය ඊයේ(20) නිමාවට පත්වුණා.
නෝර්වේ රාජ්‍ය මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගත් රටයි. රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 8 ක් හා ලෝකඩ පදක්කම් 13 ක් සමඟ පදක්කම් 37 ක් ඔවුන් සතු වුණා.
දෙවන ස්ථානය හිමිකරගත් ජර්මනියයි. රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 10 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් ලබාගත්තා.
සත්කාරක චීනයට හිමිවූයේ තුන්වන ස්ථානයයි. රන් පදක්කම් 9 ක් ,රිදී පදක්කම් 4 ක් හා ලෝකඩ පදක්කම් 2 ක් ඔවුන් හිමිකර ගත්තා.



