යුක්රේන – රුසියා අර්බුදය පැයෙන් පැය දිනපතා උග්‍ර වෙමින් පවතිනවා.
මේ වන විට රුසියානු හමුදා අඩු කරනවා වෙනුවට තව තවත් වැඩි කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දළ වශයෙන් රුසියානු භටයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් යුක්රේන දේශසීමාවේ සිටින බව අමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.
ඊයේ රුසියානු දේශසීමාවේ දී යුක්රේන කලහකාරීන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.
රුසියානු ජනාදිපති පවසන්නේ යුක්රේන ජනාධිපතිවරයා බටහිර රටවල රූකඩයක් බවයි.
යුක්රේනය මේ වන විට බටහිර රටවල යටත් විජිතයක් බව ද ජනාධිපති පුටින් පවසා තිබෙනවා.
යුක්රේනය තුළ මේ වන විටත් අභ්‍යන්තර ගැටුම් ආරම්භ වී තිබෙනවා. ඒ යුක්රේනය තුළ සිටින රුසියානු හිතවාදී බෙදුම්වාදී කණ්ඩායම් සහ යුක්රේන රජයේ හමුදාව අතරයි.
යුකේ‍්‍රනයෙන් බිඳී ගිය කලාප දෙකක් වන නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ස්වාධින කලාප ලෙස පිලිගන්නා බව රුසියානු ජනාධිපති වැලැදිමියර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා..
එම කලාප දෙක 2014 වසරේ සිට පැවැතියේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් යටතේ. ඒ අනුව ඔවුන් විසින් ජනරජයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා.
මෙම කලාප දෙකෙහි සාමය ආරක්ෂාව සඳහා රුසියානු සෙබලුන් යැවීමට ද ජනාධිපති පුටින් නියෝග කර තිබෙනවා.



