රටතුළ තවමත් අත්‍යවශය භාණ්ඩ රැසක දැඩි හිඟයක් පවතිනවා.
කිරිපිටි සහ තිරිඟු පිටිත් ඒ අතර ප්‍රධානයි.
තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් මේ වෙද්දී කෙටි ආහාර රැසක මිල ඉහළ ගිහින්.
සාමාන්‍යයෙන් අපේ රටේ දෛනික රාජකාරිවල නිරත වන පිරිස් කෙටි ආහාරවලට පුරු වී සිටි.
ඒ කාර්යබහුලකම නිසා වෙන්නත් පුලුවන් මුදල් නැතිකම හින්දා වෙන්නත් පුලුවන්.
මේ වෙද්දී පරිප්පු ඇටේ ඉදලා බඩු මිල අහස උසට නැගලා.
තුන් වේලට ම බත් ආහාරයට ගන්න දැන් දෙපාරක් හිතන්න වෙලා.
මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නැහැ.
හතර පස් දෙනා ඉන්න පවුලක කුසගින්න නිවා ගන්න හදිස්සියට ගන්න පාන් ගෙඩියක මිලත් රුපියල් 100 කට ආසන්න වෙලා.
පාන් පිටි මිලත් පා වෙනවා.
නිසි මිලක් නෑ.
මේ වෙද්දී තිරිඟු පිටි හිඟකම හේතුවෙන් කෙටි අහර මිල ඉහළ ගිහින්.



