රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 21 වන සියවසේ ලෝක සිතියම වෙනස් කිරීම ආරම්භ කර තිබෙනවා. ඔහු මේ වන විටත් යුක්රේනයේ බොහෝ ප්‍රදේශ ආක්‍රමණය කරමින් පහර දෙමින් ඉදිරියට ගමන් කරන බවයි වාර්තා වන්නේ.
රුසියානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේ යුක්රේනය ආක්‍රමණය කරන්නේ නැති බවයි.
ඔහු නිරන්තරයෙන්ම ප්‍රකාශ කළේ තම දේශසීමාව තුළ යුධ අභ්‍යාස සිදු කරන බවයි.
නමුත් අමෙරිකාව ප්රමුඛ නේටෝ රටවල් සහ බටහිර බොහෝ රටවල් පැවසුවේ පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවයි.
බටහිර ප්‍රකාශ ලැජ්ජාවට පත් කරන බවත් තමා කිසි දිනක යුක්රේනය ආක්‍රමණය කරන්නේ නැති බවත් පුටින් පුන පුනා ප්‍රකාශ කළා.
නමුත් ඔහු ඔහුගේම ප්‍රකාශ අසත්‍යක් බව ඔප්පු කරමින් මේ වන විට යුක්රේනය ආක්‍රමණය කරමින් සිටිනවා.
ඔහු මේ ආක්‍රමණය සධාරණීයකරණය කිරීම සඳහා ප්‍රකාශ කරන්නේ නේටෝ රටවල් යුක්රේනය හරහා තම රටට තර්ජනයක් සිදු කිරීමට උත්සහ කළ බවයි.
ඔහු ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසි අතර යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දිය යුතු නැති බව තරයේ ප්‍රකාශ කර සිටියා.
නමුත් අමෙරිකාව ප්රමුඛ නේටෝ රාජ්‍යයන් පුටින්ගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඉන් අනතුරුවයි ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් නගර දෙක ආක්‍රමණය කළේ.
එම නගර දෙකේම රුසියානු හිතවාදී බෙදුම්වාදී කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව ඔහු එම නගර දෙක ස්වාධීන රාජ්‍යන් ලෙස පිළිගෙන තමන්ගේ හමුදාව සාම සාධක හමුදාවක් ලෙස පිටත් කරන බවයි ප්‍රකාශ කළේ.
නමුත් ඔහු තුන් පැත්තකින් යුක්රේනයට පහර දෙමින් සිටිනවා. පුටින්ගේ මූලිකම බලාපොරොත්තුව දැනට යුක්රේනයේ ඇති ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ පාලනය සම්පුර්ණයෙන් ම බිද දැමීමයි.
ඉන් අනතුරුව රුසියාවට හිතවාදී පාලනයක් යුක්රේනය තුළ ස්ථාපිත කිරීම පුටින්ගේ මූලික අරමුණ බව අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
අවාසනාවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනට හුදෙක් ප්‍රකාශ සහ සම්භාධකවලින් පමණයි නතර වීමට වී ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් අන්තෝනියෝ ගුටේස් ඊයේ ප්‍රකාශ කළේ රුසියාව එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ සියළු කොන්දේසි කඩකරමින් යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින බවයි.
මෙය සමස්ත ලෝකයම ලේවලින් නහවන ක්‍රියාවක් බව ප්‍රකාශ කල ඔහු වහාම ආපසු හැරෙන ලෙස පුටින්ගෙන් ඉල්ලා සිටිනවා.
නමුත් පුටින් ආපසු හැරෙන්නේ නැති බව දැන් ඉතාමත් පැහැදිලියි. පුටින්ගේ අවසාන ඉලක්කය කිවි නගරයයි.
මේ වන විට කිවි නගරයේ ජීවත් වූ පිරිස් පෝලන්තයේ දේශසීමාවට පළා යමින් තිබෙනවා. ඒ ආරක්ෂාව වෙනුවෙනුයි.
එසේම එම ජනතාව පළා යාමට දරන උත්සාහය නිසා දිගු වාහන පෝලිමක් සහ බර පතල ඉන්ධන හිඟයක් යුක්රේනය පුරා හටගෙන තිබෙනවා.
මේ වන විට චර්බිනොල් න්‍යෂ්ටික බලාගාර අත්පත් කරගෙන ඇති රුසියානු හමුදාව ප්‍රධාන ගුවන්තොටුපලවල් තම භාරයට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
ඉදිරි පැය කිහිපය මුළු යුක්රේනයම තීරණාත්මකයි.



