යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයක් රුසියාව යටතට

Share

රුසියානු යුක්‍රේන අර්බුදය විසදීමට චීනය මැදිහත් වීමට සුදානම් වෙනවා.

චීන විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ වහාම දේශපාලන විසදුමකට යා යුතු බවයි.

මේ අතර අමෙරිකාව රුසියානු ගුවන් යානාවලට තම අහස තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

අද අමෙරිකානු මන්ත්‍රීවරුන් නිල් සහ කහ වර්ණයෙන් සැරසී යුක්‍රේනයට සහය පළකරමින් පාර්ලිමේන්තුවට ආවා.

රුසියාව යුක්‍රේනයේ කෙර්සන් නගරයේ බලය අල්ලාගෙන ඇතැයි වාර්තා වනවා.

Read more

Local News