ලොව ප්‍රථම හෘදය සහ තෛමස් ග්රන්ථ පටක දෙකම එක් අයෙකුට සාර්ථකව බද්ද කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.
විශේෂත්වය වනුයේ මෙම බද්ද කිරීම සිදු කර ඇත්තේ කුඩා දරුවෙකුට වීමයි.
අනාගතයේ දී ඝන ඉන්ද්‍රියන් බද්ද කිරීම් පිලිබඳ ඉතා සුභවාදී බලාපොරොත්තුවක් එක් කරන්නට මෙම වෛද්‍ය කණ්ඩායම සමත් වී තිබෙනවා.
බද්ද කිරීමෙන් පසු දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වාර්තා වන්නේ.



