දකුණු කොරියාවේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය පරාදා කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක යූන්සුක් යේඕල් ජය ගෙන තිබෙනවා.
මෙවර මැතිවරණයෙන් යූන්සුක් යේඕල් ජයග්‍රහණය කර ඇත්තේ, 48.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.
පාලක පක්ෂ අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ, 47.8ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
ඔහු ධුරයේ දිවුරුම් දීම ලබන මැයි මාසයේ සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



