රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 15ක්

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 15ක්. ඇත්තටම දැන් රුසියාව අමු සොහොන් බිමක්.

රුසියාව දිගින් දිගටම අහසින් බෝම්බ හෙලනවා. බිමින් ෂෙල් රොකට් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා.

යුක්‍රේන අහස තහනම් කරන්න කියල සෙලෙන්ස්කිගේ ඉල්ලීමට බටහිරෙන් සහ නෙටෝවෙන් ලැබුණේ කටුක උත්තරයක්.

යුක්‍රේන ජනාධිපති සෙලෙස්ති විශාල බලාපොරොත්තුවක් තබා ගෙන සිටියේ නේටෝ මැදිහත් වීම පිළිබඳවයි.

නමුත් නේටෝ රාජ්‍ය අද මානුශීය ආධාර පමණක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. නමුත් මාධ්‍ය විචාරකයින් පවසන්නේ නෙටෝවට සම්බන්ධ යුධ විශේෂඥයින් යුක්රේනය තුළ රහසිගතව ක්‍රියාත්මක වන බවයි.

මේ අතර ඊයේ රාත්‍රියේ යුක්‍රේන ජනාධිපති සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට sky ප්‍රවෘත්ති මාධ්‍යවෙදිනියකට හැකි වුණා. ඒ කීව් නගරයේ සෙලෙන්ස්කි රැදී සිටින භූගත බංකරයක දී බවයි වාර්තා වන්නේ.

එහිදී යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ යුද්ධය තනිව නතර කිරීමට අපිට හැකියාවක් නැහැ. ඊට පුටින්ද එක් විය යුතු බවයි. එසේම යුද්ධය නතර කිරීමට බටහිර ජාතීන් දැනටමත් ප්‍රමාද වැඩියි. ඔබ තව තවත් ප්‍රමාද වුවහොත් දස ලක්ෂයකට වැඩි පිරිසකට මිය යන්න සිදු වේවි.

එසේම අපගේ අහස රුසියානු ගුවන්යානාවලට තහනම් කල යුතුයි. නේටෝව ඇතුළු රටවල් එසේ පමා කිරීම නිසා රුසියානුවන් බෝම්බ හෙළමින් සිටිනවා යැයි ද ඔහු කියා සිටියා.

සෙලෙන්ස්කි ඉල්ලා සිටින පියාසර තහනම නම් කළොත් මේ ගැටුම බටහිර දක්වාම ඇදී යන බව යුධ විශේෂඥයින් පේනවා දෙනවා.

පියාසර තහනමක් නම් කර පසු එය උල්ලංගනය කරන රුසියානු ගුවන්යානාවලට පහර දී බිම හෙළිය හැකියි. එසේ කළහොත් පුටින්ගේ පහරදීම් බටහිර දක්වා ව්‍යාප්ත කොට තුන්වන ලෝක යුද්ධයක් අරඹනු ඇතැයි මධ්‍යස්ත විචාරකයින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර යුක්‍රේන හමුදාව ද දැඩි ප්‍රහාරයන් රුසියන් හමුදාවන්ට එල්ල කරමින් ඉන්නවා. රුසියානු හමුදාව මේ වන විටත් යම් පසුබෑමක් පෙන්නුම් කරන බවයි බටහිර හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ.

මරියුපොල් නගරයේ රෝහලකට ද රුසියාව බෝම්බ හෙලා ඇති බව ද වාර්තා වනවා. මෙහි දී දරුවන් සහ මව්වරුන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දළ වශයෙන් මියගිය සංඛ්‍යාව 1500 ක් පමණ බවයි යුක්‍රේනය පවසන්නේ.

මෙය යුධ අපරාධයක් ලෙස යුක්‍රේන ජනපති නම් කර තිබෙනවා.

Read more

Local News