මරියුපෝල්හි ජනතාව යටත් වීම ප‍්‍රතික්ෂේප කරයි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 26ක්.

මේ වන විට යුක්‍රේනයට ගුවනින් සහ ගොඩබිමෙන් දිගින් දිගටම පහර දීමට රුසියාව ක්‍රියා කරමින් පවතිනවා.

රුසියාවේ මූලික අරමුණ වී ඇත්තේ යුක්‍රේනයට මුහුදින් ඇති සබඳතා බිඳ දැමීමයි.

එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා යුක්‍රේනයේ ප්‍රධාන වෙරළ නගරවලට පැය 24 පුරාම නිරන්තර ප්‍රහාර එල්ල කිරීමට රුසියාව ක්‍රියා කරමින් සිටිනවා.

රුසියාවේ භයානක ප්‍රහාරවලට වැඩියෙන්ම ඉලක්ක වී ඇත්තේ මරියුපෝල් වරාය නගරයයි.

මේ වනවිට මරියුපෝල් නගරය කවයක් ලෙස වටකර පහර දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

රුසියාව මරියුපෝල් හමුදාවට ආයුධ බිම තබා යටත් වන ලෙස ද දන්වා තිබෙනවා.

අද සිට විශේෂ මානුෂීය කොරිඩෝවක් විවෘත කර මරියුපෝල්වලින් පිටව යාමට අවස්ථාව ලබා දෙන බවයි රුසියානු හමුදාව පවසන්නේ.

නමුත් අප යටත්වන්නේ නැති බව මරියුපෝල්හි ජනතාව පවසනවා.

රුසියානු ප්‍රහාරවලින් මරියුපෝල්හි ගොඩනැගිලි ගිනිගනිමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News