මාර්ග අවහිර කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා

Share

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විරෝධතා ආරම්භ වී තිබේ. පෞද්ගලික බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් වී ඇත.

හිඟුරක්ගොඩ, බද්දේගම, දිගන, ගාල්ල, මාදම්පේ, ගම්පොළ,මහනුවර, කෑගල්ල, මතුගම, අවිස්සාවේල්ල යන නගර වල විරෝධතා ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ධාවනයට බාධා එල්ලවී ඇත.

හලාවත කොළඹ සහ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ග පෞද්ගලික බස් රථ මගින් අවහිර කරමින් විරෝධතා පැවැත්වෙනවා.

රඹුක්කන ප්‍රදේශයෙන් උඩරට දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතා පැවැත්වෙනවා.

Read more

Local News