ඊයේ(13) දා කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වුණා.
එහිදී කෘෂිකාර්මික කටයුතු සදහා රාජ්‍ය නිලධාරීන් දිරිමත් කිරීම, රැකියා සදහා රාජ්‍ය නිලධාරීන්ට විදෙස් ගත වීමට වැටුප් රහිත නිවාඩු ලබා දීම, 2023 වර්ශය සදහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම ආදී ක්ෂේත්‍ර කිහිපයක් පිළිබදව සාකච්ඡාවට ලක් වී තිබේ.
මෙහි දී ගනු ලැබූ තීරණ පිළිබද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කර තිබේ.







