කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) රාත්‍රී 11 සිට ඉරිදා (19) සවස 03.00 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වෙයි.
එමෙන්ම කොළඹ 04 ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයීම සිදුකරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.



