රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට සෑම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයකම මිල ගණන් ජනතාවට දරාගත නොහැකි ආකාරයට ඉහළ ගිහින්.
හාල්, සීනි, පරිප්පු, පොල්තෙල් සහ එළවලු මිල ගණන් මෙලෙස ඉහළ යාම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකියි.
එදා වේල හරි හම්බ කරගෙන දෙවේලක් පිරිමහ ගත්ත පුංචි මනුස්සයා අද එක වේල කන්නත් මේ මහ පොළොවේ ලොකු සටනක් දෙනවා.
ආර්ථික අර්බුදය හොඳටම දැනෙන තැන තමයි ගෙදර කුස්සිය. කුස්සියට දැනෙන දුක කියන්න කුස්සියේ අරගලය අරන් පිරිසක් මීගමුව පෙරියමුල්ල හන්දියට පැමිණියා.
වළං පිඟන් රැගෙනයි ඔවුන් මෙම විරෝධතාවය දැක්වූයේ.



