රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන නගරවල පාසල් ලබන සතියේ වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
දිවයිනේ අනෙකුත් පාසල් ක්‍රියාත්මක කළ හැකිද යන්න තීරණය කිරීමට පාසල් විදුහල්පතිවරුන්ට සහ ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන්ට අවසර ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා විදුලිය විසන්ධි නොකරන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටිනවා.



