කෝප් වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 23 වැනිදා

Share

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වේ.
කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන 21 වැනිදා.
රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය ලබන 22 වැනිදා.

පසුගිය මාර්තු 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා පළමු වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 23 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read more

Local News