ගාලුමුවදොර උණුසුම් තත්ත්වය අතරතුර 21 ක් අත්අඩංගුවට

Share

උණුසුම්කාරී තත්වය අතරතුර විරෝධතාකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ ලෝටස් වටරවුමෙන් ජනාධිපති කාර්යාලයට ඇතුළු වන පිවිසුම අවහිර කිරීමට විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කිරීමත් සමඟ ඊයේ රාත්‍රියේදී ප්‍රථමයෙන් උණුසුම්කාරී තත්වයක් හට ගත්තේ.

එම පිවිසුම අවහිර කිරීමත් සමග ගාලුමුවදොර ජනාධිපති කාර්යාලයට ඇතුළුවන සියලුම පිවිසුම් මාර්ග අවහිර වී ගියා.

ඊයේ රාත්‍රියේ තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වූ අතර එහිදී දෙපිරිස අතර උණුසුම්කාරී තත්වයක්ද හටගත්තා.

මේ වන විට විරෝධතාවයේ යෙදුණු බෞද්ධ භික්ෂුවක්, කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඇතුළුව 21 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News