රත්නපුර, මුවගම සිරි විශුද්ධාරාම විහාරස්ථානයේ පොසොන් පොහොයට සමගාමීව, සහල් දන්සලක් සංවිධානය කර තිබුණා.
ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ බොහෝ ජනතාවක්, මෙම ස්ථානය ලබාදෙන සහල් කිලෝ දෙක ගන්නට එම ස්ථානයට රැස් වුණා.
දෙදහසකට වැඩි ජනතාවක් මෙම දන්සලට සහභාගී වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
මිණි කිරණ, මිණිපුර ව්යාපාරික එකමුතුව සහ විද්වත් එකමුතුව මෙම දන්සැල සංවිධානය කර තිබුණා.



