කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අද (25) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ සිට විජේරාම හන්දියේ හයිලෙවල් මාර්ගයේ හතේ කණුව සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට අද(25) රාත්‍රී 10.00 සිට හෙට (26) උදෑසන 8.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
එසේම නුගේගොඩ හන්දියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාල පාර සහ ඊට සම්බන්ධ අතුරු මාර්ගවලට ද අද රාත්‍රී 10.00 සිට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියා.



