නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
එම ප්‍රභේදය BA5 ලෙසින් නම් කර ඇත.
මෙම නව වෛරසය මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇත.
රට තුළින් කිසිදු නව වෛරස් ප්‍රභේදය ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ.



