තෙල් වෙනුවට කංචනගේ ටෝකන් එක

Share

ෂෙඩ් වල තෙල් නැහැ. ඒ තෙල් ගන්න මිනිස්සු පෝලිමේ. තෙල් වෙනුවට ටෝගන් දෙනවා කියලා බලශක්ති ඇමති කිව්ව නිසා දැන් ජනතාව ටෝකන් ගන්නත් දිගු පෝලිම්වල.

බස් ගාස්තු සංශෝධනයට අදාළ අවසන් තීන්දුව හෙට දිනයේ ගැනීමට නියමිතයි. ඉන්ධන මිලත් එක්ක බස් ගාස්තුව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අන්තිමේදී ඒ බරත් නතර වෙන්නේ ජනතාවගේ කර පිට.

ඉන්ධන මිල ඊයේ අලුයම දෙකේ සිට ඉහළ ගියා. එහෙත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නොමැති තත්වයක් හමුවේ වසා දමා තිබෙන ආකාරය ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

ඉන්ධන නැති නිසා ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව දිවා රෑ නොබලා එහි රැඳී සිටින අතර පෝලිම්වල සිටම ආහාර පිසින අයුරුද ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වුණා.

ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට අද සිට ටෝකන් පතක් ලබා දීමට පියවර ගන්නා බව ඊයේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා.

මේ හේතුවෙන් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව අද දිගු පෝලිම්වල රැඳී සිටින ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

අද දිනයේත් සීමා සහිතව සිදුවන බැවින් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටීමෙන් පලක් නොවන බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ.

Read more

Local News