දෙලක්ෂ හතලිස් දාහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.02 වන දින පානදුර පොලිස් වසමේ පිංවල, පානදුර ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී පැය 1830 ට දෙලක්ෂ හතලිස් දාහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 24 ක් සන්තකයේ තබාගෙන සිටි පිංවල, පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදෙස්ගතව සිටින සෙල්ලප්පෙරුමගේ සලිදු මල්ෂික ගුණරත්න නොහොත් සලිදු මල්ලි යන අයගේ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ක්‍රියා සදහා සහාය දක්වන ඔහුගේ සමීපතමයකු වන නිලංග නැමැත්තාගේ පියා බවටත් කරුණු අනාවරණය කරගෙන ඇත.

Read more

Local News