ශ්‍රී ලංකාව මරණ මංචකයේ – උද්ධමනය 122% යි

Share

ශ්‍රී ලාංකීය ආර්ථිකය අද වන විට මරණ මංචකයට ඇද වැටී ඇතැයි ඇමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන් කේ ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකාවේ උද්ධමනය සීයට එකසිය දාහතක්, සීයට එකසිය විසි දෙකත් අතර අගයකට ඉහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද දින ට්විටර් පණිවිඩයක් තබා ඇති ඇමරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටිව් හැන්කේ ශ්‍රී ලංකාව ඉතා අවාසනාවන්ත අඩියකට වැටී ඇතැයි ප්‍රකාශ කරනවා.

අයි. එම්. එෆ්. ආයතනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ව්‍යාපෘති දහසයක් හඳුන්වා දී තිබුනද, ඉන් එකක්වත් ක්‍රියාත්මක වී නැති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

අයි. එම්. එෆ්. ආයතනය ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහොත් ඉතා අවාසනාවන්ත තත්වයක් උදාවනු ඇතැයි ඔහු අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව මේ වන විට ලෝක උද්ධමන සටහනේ සිම්බාබ්වේට පමණක් දෙවැනි තැනට පත්ව අවසන්.

Read more

Local News