නීති විරෝධීව මෙරටට ගෙන්වූ කහ තොගයක් වටලයි

Share

නීති විරෝධීව මෙරටට රැගෙන ආ කහ තොගයක් 2022.07.04 වන දින රාත්‍රීයේදී පුනරීන් වෙට්ටකාඩු ප්‍රදේශයේදී යුධ හමදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්‍ෂක සේනා මූලස්ථානය – මුලතිවු යටතේ පාලනය වන 66 වන සේනාංක බලප්‍රදේශ යුධ හමුදා භඨ පිරිස් විසින් යුධ හමුදා බුද්ධි අංශ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහණය කරන බවට යුධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරු මත සිදුකරන ලද මෙම වැටලීමේදී විශාල උර 65 ක සඟවා තිබූ කහ කිලෝ 2000 හා මලු 03ක සඳවා තිබූ පළිබෝධනාශක තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කහ තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බවට සැක කරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශණ කටයුතු පුනරීන් පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News