දකුණු කොරියාවේ රැකියා සඳහා 2105 ක් පිටත්ව යයි

Share

ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ 2022 ජනවාරි සිට මේ දන්වා 2105 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඉන් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වන අතර එම ප්‍රමාණය 1611කි.

කොරියාවේ වසර 04යි මාස 10ක් අඛණ්ඩව සේවය කර, නැවත ලංකාවට පැමිණීමෙන් පසු පෙර සේවය කල ආයතනය මඟින් සේවා ගිවිසුමක් ලැබීමෙන් අනතුරුව, කොරියාවේ රැකියා සඳහා පිටත්වීමේ ක්‍රමවේදය යටතේ පිටත්ව ගොස් ඇති ප්‍රමාණය 299කි.

පරිගණක ආශ්‍රිත විභාගය සමත්ව රැකියා සඳහා 195 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

Read more

Local News