යූරියා පොහොර නැව හෙට දිවයිනට

Share

යල කන්නය සඳහා ඉන්දියානු ආධාරයක් ලෙස ඕමානයේ සිට පැමිණෙන යූරියා රැගත් පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

එම නෞකාවේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු වන බවයි කොමර්ෂල් පොහොර සමාගම සඳහන් කළේ.

පොහොර නෞකාව පැමිණීමෙන් අනතුරුව එම පොහොර ඉතා කඩිනමින් බෙදා හරින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

මේ අතර රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් රට පුරා තවදුරටත් වගා සංග්‍රාමය ආරම්භ කර තිබෙනවා.

Read more

Local News