පාර්ලිමේන්තුවේ නව ජනපති තේරීම 20 වනදා

Share

ජනාධිපතිවරයා ඉල්ලා අස්වී දින දෙකකට පසු ජූලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට අද (11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව ජූලි 15 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ඉල්ලා අස්වූ බව දැනුම්දීමෙන් අනතුරුව ජුලි 18 නාම යෝජනා කැඳවා 20 වනදා ඡන්ද විමසීමක් හරහා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් තෝරාගැනීමට පක්ෂ නායකයන් එකඟවී ඇත.

Read more

Local News