සිපෙට්කෝ හිස් – IOC දිගටම තෙල් බෙදයි

Share

අපේ රටට ඉන්ධන නැවක් මාසයකට ආසන්න කාලයකින් පැමිණ නැහැ. මේ නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් දැන් සති ගණනක සිට වසා දමා තිබෙනවා.

එහෙත් ලංකා අයි ඕ සී ඉන්ධන පිරවුම්හල්වල පමණක් කඩින් කඩ හෝ ඉන්ධන නිකුත් කිරීම සිදු වනවා. මේ නිසා ජනතාව ලංකා අයි ඕ සී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳි සිටිනු දිවයිනේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වුනා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් අදත් බස් රථ සහ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ නිසා මගී ජනතාව අදත් දුම්රියෙන් සහ බස් රථයෙන් දැඩි තදබදයත් සමඟ සිය ගමනාගමන කටයුතු සිදුව තිබෙනවා.

Read more

Local News