වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද මීගමුව තෙල්වත්ත හන්දියේ දී විරෝධතාවයක් පැවැත්වුණා.
”74 වසරක් පුරා මේ රට කළ ආණ්ඩුව පන්නා දමමු” මැයෙන් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයත් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
ඒ පොළොන්නරුව නගරයේදී.
කහටගස්දිගිලිය හන්දියේදී ආණ්ඩුවට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. ආණ්ඩුවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම මෙහිදී සිදුවුණා.
ගාල්ල ගෝඨා ගෝගමදීත් උද්ඝෝෂණයක් පැවැත්වුණා.



