හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස් වීම සහ නව ජනාධිපතිවරයා පත් කරගැනීම පිළිබද ව නීතීඥ සංගමය විසින් විශේෂ ප්රකාශයක් සිදු කර තිබෙනවා. ජූලි 20වනදා නව ජනාධිපති පත් කරගැනීමට නියම කර ඇති දින වෙනසක් නොකර ක්රියාත්මක කල යුතු බව ඔවුන් පවසනවා.
එමෙන්නම ජනතා පරමාධිපතයයට සහ ඔවුන්ගේ අභිලාෂයන්ට ගරු කරමින් ප්රජාතන්රවාදී වටිනාකම් ආරක්ෂා කරමින් රට තවදුරටත් වයාකූලත්වයට පත් නොකර යථා තත්ත්වයට පත්කරගැනීමට සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරු සෑම ආකාරයකින්ම කටයුතු කළ යුතු බවද නීතීඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.