වැඩබලන ජනපති දිවුරුම් දෙයි – ජනපති කොඩිය අහෝසි

Share

වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද සිය ධූරයේ දිවුරුම් දුන්නා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී.

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේ.

එසේ ම ජනාධිපති හැඳින්වීමට අතිගරු යන වචනය තහනම් කිරීමටත් ජනාධිපති කොඩිය අහෝසි කිරීමටත්, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

දහනමය යළි බලාත්මක කිරීමටද සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ.

Read more

Local News