මහින්දට සහ බැසිල්ට 28 වනදා තෙක් රට ගමන් තහනම්

Share

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ, බහුතර එකඟතාවයෙන් මතයි එය ප්‍රකාශයට පත් කෙරුණේ.

මෙම නියෝගය ලබන 28 වනදා තෙක් බලපැවැත්වෙන බවද එම නියෝගයේ සඳහන් වුණා.

Read more

Local News