ජනතාවගේ ජීවන බර අඩු කිරීමට වැඩබලන ජනපතිගෙන් සහන

Share

ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරිමට ගරු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර ඇත.

ඊයේ (16) උදෑසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදීයි එතුමා මෙම තිරණය ගෙන ඇත්තේ .

ඊට අමතරව ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සදහා තවත් අතිරේක මුදල් යෙදවීමට තිරණය කර ඇත.

අහාර සුරක්ෂිතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවේදී ගරු වැඩබලන ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදි.

විශේෂයෙන්ම ඉන්ධන සහා පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු විය .

එමෙන්ම තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට සකස් කර දිම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යොජනා වි තිබෙනවා .

මේ අතර සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සදහන් මහජන කවුන්සිලය ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡා වදී සඳහන් කලා.

එමෙන්ම දුෂණය මැඩලීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට ට දැනුම් දෙන බවයි වැඩබලන ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ .

Read more

Local News