රථවාහන පෝලිම් ඉවත් කර නොගන්නා සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. ඒ අනුව කඩිනමින් රථවාහන ඉවත් කර ගන්නා ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.
ජාතික ඉන්ධන අවසර පත හා වාහන ලියාපදිංචි අංකය අවසන් අංකය අනුව ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඇමතිවරයා කොහොම කිව්වත් තවමත් රට පුරා ම ඉන්ධන පෝලිම්. ඉන්ධන නිසා ප්‍රදේශ කිහිපයකම උණුසුම්කාරී තත්වයන් ද වාර්තා වුණා.



