එළඹෙන 21 වනදා සිට පෙට්‍රල් බෙදා හැරීමට කටයුතු කරන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. පාස්කු ප්‍රහාරය පිළිබඳව යළිත් සමාලෝචනයකට සූදානම් බවයි වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
” මම මැයි දහතුන් වෙනිදා අගමැතිකම භාරගත්ත අවස්ථාවේදී ආර්ථිකය කඩා වැටීමෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා. ඒවා විසඳගන්න තමයි මං ක්‍රියා කරලා එදා විදුලි කප්පාදුව පැය පහයි. අද ඒක පැය තුනකට අඩු කරලා තිබෙනවා. යල කන්නෙට අද පොහොර තිබෙනවා. ඒ වගේම මහ කන්නෙට වුවමනා පොහොර තමයි දැන් අපි ලබාගන්ට ක්‍රියා කරගෙන යන්නේ. අද ගෑස් අඛණ්ඩව ලබා දෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඩීසල් ඒ වගේම අඛණ්ඩව අපි ලබා දෙනවා”



