එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ඇත.
ඒ අනුව හෙට (19) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසුව තමා එක්දින පිටියෙන් සමු ගන්නා බවයි ඔහු නිවේදනය කර ඇත්තේ.
ඔහු මෙම වසරේ දී එරට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද පත් කෙරුණා.
තම ශරීර සෞඛ්‍ය සහ මානසික තත්ත්වය ගැන සිතා තමා මෙම තීරණය ගත් බව ස්ටොක්ස් පැවසීය.



