ජනාධිපති ධූරයට නාම යෝජනා කැඳවීම අද – ඡන්ද විමසීම හෙට

Share

පුරප්පාඩුව පවතින ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.

මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අද (19 වන අගහරුවාදා ) නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව හෙට (20 වැනි බදාදා) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදු වෙයි.

Read more

Local News