මෙරට මූල්‍ය අර්බුදය පිළිබඳ පසුගිය රජය කරුණු වසන් කරමින් සිටි බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
සී එන් එන් මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ.
රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මාධ්‍යක් වෙත මෙලෙස සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාව බංකොලොත් වන බවට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු බවට වන ගෝඨාභය රාජපක්ෂගේ රජය ජනතාවට ප්‍රකාශ නොකළ බව රනිල් වික්‍රමසිංහ පවසනවා.
රට ගොඩනැගීම සඳහා දීර්ඝ කාලයක් අවශ්‍ය වන්නේ නැති බවත් 2024 වන විට ක්‍රියාකාරී ආර්ථිකයක් ඇතිකර ගැනීමටද ක්‍රියා කළ යුතු බව ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
තම නිවස ගිනි ගැනීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ තම නිවස ගිනි ගැනීමෙන් සියවස් ගණනාවක් පැරණි පොත්පත් ඇතුළු පොත් හාරදාහකට වැඩි ගණනක් හා වසර එකසිය විසි පහක් පමණ පැරණි පියාණෝවක් ද විනාශ වූ බවයි මෙහිදී ප්‍රකාශ කළේ.
තමාට සිදු වූ දෙය තවත් අයෙකුට සිදුවීමට ඉඩ නොතබන බව ද රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කර තිබෙනවා.
විරෝධතා හමුවේ පොලිසියට හා හමුදාවට ආයුධ භාවිතා නොකිරීමට උපරිමයෙන් ක්‍රියා කල යුතු බව මෙහිදී දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.