රනිල්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

Share

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ විරෝධතා පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි. විනිවිද පෙරමුණේ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

Read more

Local News