QR ක්‍රමය ක්‍රියාත්මක වන තෙක් ලබාදෙන ඉන්ධන ප්‍රමාණ ගැන දැනුම්දීමක්

Share

ඉදිරි සතියේදී QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරන තෙක් ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව යතුරුපැදියක් සඳහා උපරිම රුපියල් 1,500ක්ද, ත්‍රීරෝද රථයක් සඳහා උපරිම රුපියල් 2,000ක්ද, අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිමයක් යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ (19) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරික්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Read more

Local News