සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අද සිට

Share

වාහනේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අද (21) දිනයේ සිට සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

වාහනවල ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබයි.

එසේම අවසාන ඉලක්කම 3,4,5 නම් බ්‍රහස්පතින්දා, ඉරිදා දිනවල ඉන්ධන නිකුත් කරන අතර අවසාන ඉලක්කම 6,7,8,9 නම් සඳුදා, බදාදා සහ සිකුරාදා ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම ඉන්ධන නිකුත්කිරීමේ වැඩපිළිවෙල අද දිනයේ සිට ලබන 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදෙන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස QR ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතයි.

Read more

Local News