කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ජුලි මස 19 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 575 යි ග්‍රෑම් 600 ක පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් දෙදෙනෙකු (02) සමගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 172 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

Read more

Local News