අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.21 වන දින පූගොඩ පොලිස් වසමේ අංක 100/1, විශාකා මාවත, පූගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1800 ට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40, මි.ග්‍රෑ. 540 ක් සන්තකයේ තබාගෙන සිටි පූගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පූගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News