වෙනිසියුලාවේ පොලිසියක් තුළ ගින්නක් – 68 දෙනෙකු මරුට

Share

වෙනිසියුලාවේ වැලන්සියා නගරයේ පිහිටි පොලිසියක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 68 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පිරිසට රැදවියන් ද අයත් වන බවයි.

සිර මැදිරිය තුළ සිටි රැදවියන් පිරිසක් ඇද ඇතිරිලිවලට ගිනි තැබීමෙන් මෙම ගින්න හටගෙන ඇත.

මරණයට පත් වූවන්ගෙන් අති බහුතරය රැඳවියන් වන නමුත් සිරකරුවන් බැලීමට පැමිණ සිටි කාන්තාවන් දෙදෙනකුත් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

ඔවුන් සිරමැදියෙන් පලායාම සඳහා මෙම ගින්න ඇති කරන්නට ඇති බවට එරට බලධාරීන් සැක පළ කරයි.

Read more

Local News