මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
වර්ෂාවත් සමඟ දිවුලපතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් තේ වතුයායේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි හතළිස් හය හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම කාන්තාවගේ දියණිය ද නිවසේ සිට ඇති අතර ඇයට හානියක් සිදුවී නැහැ.



