Home දේශීය පුවත් සංචාරක වීසා මගින් රැකියා සඳහා පිටත්ව යාම අත්හිටුවයි

සංචාරක වීසා මගින් රැකියා සඳහා පිටත්ව යාම අත්හිටුවයි

0
සංචාරක වීසා මගින් රැකියා සඳහා පිටත්ව යාම අත්හිටුවයි

සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා පිටත්ව යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා සංචාරක වීසා මගින් විදේශ ගත වූ කාන්තාවන්ට රැකියා නොලැබීම, හිරිහැර කිරීම්, සිරගත කිරීම් සහ අතරමංවීම් ආදී කරුණු පිළිබඳව තොරතුරු වාර්තාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මේ හේතුවෙන් ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ සියලුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සදහා කාන්තාවන් යෙදවීම, සංචාරක වීසා මගින් සිදු කිරීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here