මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ එළවළු වගාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ හේතුවෙන් එළවලු මිල පසුගිය දින කිහිපය තුළ අධික ලෙස ඉහළ ගියා.
මේ අතර එළවළු නිෂ්පාදන වියදම ඉහළ යාම හමුවේ සුළු පරිමාණ එළවළු ගොවීන්ද එළවළු වගාවෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සුළු පරිමාණ එළවළු ගොවීන් පවසනවා.
මේ අතර එළවළු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හමුවේ අසරණ වී ඇති සුළු පරිමාණ එළවළු ගොවීන්ට යම් සහනයක් සලසන ලෙස සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා ඉල්ලා සිටිනවා.



