කන්දකාඩු රැඳවියන් 24 දෙනෙක් තවමත් අතුරුදන්

Share

පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් අතර පසුගිය දා ගැටුම්කාරී තත්වයක් ඇති වුණා.

ඒ දෙපිරිසක් අතර බහින්බස් වීමක් ඇතිවීම හේතුවෙන්. දැනට පවතින වර්තමාන තත්වය යටතේ රැඳවියන් 296 දෙනෙකු ස්ථාවර කටයුතු සඳහා නිරත වී තිබෙනවා.

මේ වන විට කලහකාරී තත්වය සම්පුර්ණයෙන් පාලනය කර ඇති බව සඳහන්.

තවද කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් දෙසිය දහතුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම ගැටුම්කාරී තත්වයෙන් තුවාල ලැබූ පිරිස සාමාන්‍ය තත්ත්වයේ සිටින බවත් තවමත් රැඳවියන් විසි හතර දෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි අප කළ විමසීමකදී අදහස් පළ කළා.

Read more

Local News