අද මි.මී 100 ඉක්මවූ තද වැසි

Share

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News